වරිපනම්බදු ගෙවීම
Assessment tax Online Payment
කුලියාපිටිය නගර සභා බලප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට මාර්ගගතව වරිපනම් බදු ගෙවීමේ පහසුකම ලබාදී ඇතමාර්ගගත ගෙවීම් සිදුකිරීමේදී පුරවැසියකුට අයත් දේපල නිවැරදිව හඳුනාගත යුතු අතර එම පුද්ගලයාගේ ජා.හැ.අංකය සමග සම්බන්ද කල යුතුයි. මෙම ක්‍රියාව සිදුකල යුත්තේ පළාත්පාලන ආයතනය විසිනි. ඔබ විසින් මෙම පහසුකම ලබාගැනීම සඳහා පළමුව ඔබට පරිශීලක ගිණුමක් (User Account) සකස් කළ යුතුයි. ඔබට මේ වනවිට පරිශීලක ගිණුමක් තිබේනම් එම ගිණුම භාවිත කළ හැකිය.
Assessment tax Online Payment Steps...
වරිපනම් බදු මාර්ගගත ගෙවීම් සිදුකල යුතු පියවර
My Property
Category |
Owner |
Status |
Assessment |
M.M.Aththanayaka |
Pending |
Assessment |
G.Y.SugathBandara |
Rejected |
Assessment |
A.N.AnushaRathnayaka |
Pay |
ඔබ ඔබගේ පරිශීලක ගිණුමට ඇතුලත් වු පසුMy Property යටතේ ඉහත සඳහන් ආකාරයට වගුවක් පෙන්වනු ලබයි. මෙහිදී
Category - ගෙවීම් කරනු ලබන විෂය (උදා .වරිපනම් )
Owner - අයිතිකරුගේ නම
Status - මෙමගින් පෙන්නුම් කරනු ලබන්නේ ඔබ විසින් අයඳුම් කරන ලද ක්‍රියාවලියෙහි තත්වයයි.
Pending - ඔබ විසින් අයඳුම්කර ඇත මේවන විට පළාත් පාලන ආයතනය විසින් දේපළ හා ඔබගේ බවට තහවුරු කිරීම සඳහා යොමුකර තිබේ.
Rejected - ඔබ විසින් අයඳුම් කරන ලද දේපල කුමන හෝ හේතුවක් නිසා තහවුරු කිරීමට නොහැකි වී ඇත.ඒ සඳහා ඔබට විමසීම් කල හැකිය.
Pay - දේපළ සඳහා ගෙවීම් කිරීමට අනුමැතිය ලැබී ඇති අතරPay Click කිරීමෙන් ගෙවීම් කිරීමේ හැකියාව පවතී.
Pay Click - කිරීමෙන් පසු පහත දැක්වෙන අතුරු මුහුණත ඔබට දැකගත හැකියි.
Pay now Button එක Click කිරීමෙන් පසු ඔබගේ බැංකු තොරතුරු ඇතුලත් කිරීම සඳහා අතුරු මුහුණතක් පෙන්වයි. එහිදී ගෙවීම් කාඩ්පතට අදාල තොරතුරු ඇතුලත් කරන්න. පසුව Next Button Click කරන්න. ඔබගේ ගෙවීම සාර්ථක හෝ අසාර්ථක වු බව ඔබට දැනගැනීමට හැකියාව ලැබේ.
ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබගේ විද්‍යුත් තැපැල මගින් ගෙවීම් විස්තරයක් ලදුපතක් ලබාගැනීමේ හැකියාව පවතී.