කුලියාපිටිය නගර සභාව

குலியபிட்டி நகர சபை

Kuliyapitiya Urban Council

සහතිකපත් නිකුත් කිරීම

சான்றிதழ்களை வழங்குதல்

Issuing certificates

කුලියාපිටිය නගරසභා බල ප්‍රදේශයේ සිටින ඔබට මාර්ගගත ආකාරයට සහතික පත් හා බලපත්‍ර ලබාගැනීමේ පහසුව අප විසින් සලසා ඇත. මෙහි ප්‍රථමයෙන්  වීථිරේඛා සහතිකය මාර්ගගතව ලබාගැනීමේ හැකියාව පවතී. 

 

වීදි රේඛා සහතික / Street Line Certificates Apply


ඔබ විසින් ගිණුමක් සකස්කර ගත යුතුයි. (ගිණුමක් සකස්කරන පිළිවෙල 
E-පුරවැසි සේවා යටතේ දක්වා ඇත).

පියවර 

  1. සහතිකය ලබාගැනීමට අදාල දේපල සඳහා වන ඔප්පුව හා  පිඹුර  යන සහතික වල සහතික කරන ලද  මුල් පිටපත් පළාත් පාලන ආයතනය සතුව තිබිය යුතුය. එසේ නොමැතිනම් සහතික වල පිටපත් පළාත් පාලන ආයතනයට භාරදිය යුතුයි. 
  2. ඔබගේ ගිණුමට ඇතුලත්වී Street line certification යන්න තෝරා පෙන්වනු ලබන අතුරුමුහුණතෙහි ඉල්ලා ඇති තොරතුරු ලබාදී Submit කල යුතුයි.
  3. පළාත් පාලන ආයතනය මගින් තාක්ෂණ නිලධාරී විසින්   සහතික පත් අනුමත කිරීමෙන් අනතුරුව ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ඔබට දැනුම් දෙනු ඇත.
  4. පසුව ඔබගේ ගිණුමට ඇතුලත්වී එම මුදල ගෙවීමෙන් අනතුරුව සහතිකපත්‍රය මුද්‍රණය කරගැනීමට  ඔබට හැකියාව පවතී.